Mobile Phone පාවිච්චි කරන ඔබ දැනගත යුතු,එහෙත් නොදන්නා දේ.



1.ඔබ දුරකථනයක් මිල දී ගන්නේ නම් වෙලෙන්දන්ගේ චාටු කතා වලට නොරැවටී,හොඳ ප්‍රමිතියක් ඇති වර්ගයක් තෝරා ගන්න.අඩු මිලට ඇති,ප්‍රමිතියක්,ජාතියක්,ජන්මයක් නැති දුරකතන මිලට ගෙන ඔබේ මුදල් නාස්ති නොකරගන්න.

2. පාවිච්චි කරන ලද ප්‍රමිතියක් ඇති හොඳ දුරකතනයක් මිලට ගන්නේ නම්, (ප්‍රමිතියක් නැති දුරකතනයක් අලුතින් මිලට ගන්නවාට වඩා මෙය යහපත්ය.) එහි සෑම කොටසකම හා අංගයකම ක්‍රියාකාරීත්වය එකින් එක පරීක්ෂා කරන්න.ඇණ කඩතොලු වී ඇත්දැයි බලන්න. Display එකෙහි වෙනසක් ඇත්දැයි බලන්න. ON හා OFF කර බලන්න.බැටරියෙ තත්වය බලන්න. දුරකතනයෙ ක්‍රියාකාරීත්වය හා ඉහත දෝෂ ඇත්නම් හෝ දුරකතනය පිළිබඳ කුමන කුඩා හෝ  සෑහීමකට පත් විය නොහැකි නම් එය මිල දී ගැනීමෙන් වලකින්න.

3. අලුත් දුරකතනයක් නම්,නිෂ්පාදිතයාගේ අනුමතය පරිදි බැටරිය Charge කරන්න.පාවිච්චි කරන ලද්දක්නම්,පලමුව දුරකතනය Re set කරන්න.ඒ සඳහා දුරකතනය තුලම පහසුකම් සපයා ඇත.ඉන් පසු බැටරිය අවමය වන පරිදි විසන්ඳි වූවාට පසු (ON නොවෙන අවස්ථාව ) නැවත බැටරිය Charge කරන්න.

4. දුරකතනයෙ ඇති Display ආවරණ ස්ටිකරය කිසි විටෙක ඉවත් නොකරන්න.එවැන්නක් නැත්තම් ස්ටිකරයක් අලවා ගන්න. (ඉතා අඩු මිලකට ලබාගත හැක ).

5. දුරකතනය Charge කිරීමට කිසිවිටෙක බාල වර්ගයේ හෝ නොගැලපෙන හෝ High Charge භාවිතා නොකරන්න.එසේ කිරීමෙන් බැටරියේ ආයු කාලය කෙටි වන අතරම,දුරකතනයටද හානිදායක ය.නිෂ්පාදකයා සපයන ආකාරයේ බැටරියක් කෙසේවත් නැවත සොයාගැනීමට නොහැකිය.එසේ තිබුනොත් එය ඉතා මිල අධිකය.එසේ හෙයින් ඔබේ දුරකතනයෙ බැටරිය සෑම විටම ආරක්ෂා කර ගැනීමට වග බලා ගන්න.

6. බැටරිය Charge කිරීමේදී බැටරිය විසඳි වු බව දුරකතනය හඟවන තෙක් එය Charge නොකරන්න.බැටරිය ස්වල්පයක් හෝ ඉතිරි විටෙක එය Charge කිරීමෙන් බැටරියට හානි දායක වේ.කල් පැවැත්ම අඩු වේ.

7. ඔබ ඔබේ දුරකතනය තබන ස්ථානය ගැන ඉතා සැලකිල්ලෙන් සිටින්න.කිසිවිටෙක චුම්භක ඇති තැන්වල,අධි විදුලි රැහැන් ඇති තැන් වල,අධික උෂ්ණත්ව,සීතල ඇති තැන් වල,කුඩා දරුවන්ට හසුවන තැන් වල හෝ දුරකතනයට හානිදායක වන කිනම් ස්ථානයක හෝ කිසිම විටෙක දුරකතනය නොතියන්න.ඔබ ඔබේ සාක්කුවෙ දුරකතනය තබන්නේ නම්,එම සාක්කුවට කාසි,ඝණ ද්‍රවය නොදමන්න.එය ඔබේ දුරකතනයට හානි ඇති කරයි.

8. අධික දූවිලි හෝ මීදුම,සුලං ආදිය ඇති විට දුරකතනය භාවිතාකිරීම අඩු හෝ වැළකී සිටින්න.දූවිලි,ජල වාෂ්ප ඔබේ දුරකතනයෙ සියුම් පරිපථ වලට හානි ඇති කරයි.ඒවා අක්‍රීය කරයි.


0 comments

 
© 2011 patumaga
Designed by Blog Thiết Kế
Back to top