රැහැයියාගෙ කොළඹ සවාරිය


කවුරු හරි හෝතඹුවෙකුට SMS එකක් යවන්ඩ පොන් එකට කොට කොටා හිටපු රැහැයියට ඔන්න එක පාරටම අමුතු ඉඩිආ එකක් අවා.හැමදාම මේ බොත්තං වලට කොට කොටා ඉන්න බෑ,මාත් ගන්නව ස්ක්‍රීන් එකට කොටන පොන් එකක්.එහෙම හිතපු මේකා පස්ස කැඩිච්ච කඩිය වගෙ ස්ක්‍රීන් එකට කොටන පොන් එකක් හොයන්ඩ ගත්ත.ස්ක්‍රීන් එකට කොටන චීන රටේ පොන් වැහි වැහල.ඒත් මගෙ බල්ලටවත් ඒව අරන් දෙන්නෙ නෑ.ඊට වඩා හොඳයි අංගොඩින් පිස්සියක්ව කැන්දන් එනව.රැහැයියට හිතුන.කොහොමෙන් කොහොම හරි ඔන්න ස්ක්‍රීන් එකට කොටන පොන් එකක් සැට් උනා.රු:15000ක් ඉල්ලනව.ඒත් කමක් නෑ අහලක පහලකින් නම්,ඒකත් කොළඹ රටෙන්.රැහැයියට තිබුන පොන් උනේ තරමට මොන අපායකින් හරි ගේනව කියල හිතා ගත්ත.දවසක් රෑ රැහැයියගෙ පොනෙ එකට කඩ්ඩෙන් කොටපු SMS එකක් අවා,ඒකෙ තිබුන අන්ඩර දෙමලෙ යන්තන් අමුනගන්න පුලුවන් වුනා.ඒකෙ තිබුන හැටියට කොළඹ  MC එකෙදි වැඩේ කොරමුලු.මොන තූත්තුකුඩියකවත් තනියම යන්න එපා කියලා කවුද මන්ද පොලොස් කොට්ටොරුවෙක් කියල තිබුන නිසා,නොකීවත් සොස්යිටි එකට හොඳ නැති හන්ද තව ග්‍රහයෙක් ගමනට සැට් කර ගන්න.ඌට අපි අනික් එකා කියල කියමු.
                                දැන් ඔන්න සේරම හරි.උදේ පාන්දරම කොලොම්පුරෙ කරක් ගහන්න යන්න බස් එකට යන්න ගියා.නයි කයිද රෝස් පාන් කිවුවලු,දැන් හොයපල්ලකො MC එකට යන පාර.රැහැයිය දන්නෙත් නෑ,අනිත් එකා දන්නෙත් නෑ.එහෙට කෝල් කරනවා මෙහෙට කෝල් කරනවා එක විකාරයයි.කොහොමෙන් කොහොම හරි ඔන්න බස් එකකටත් නැග්ගා.ඔන්න දැන් දෙයියනේ කියල යනව.ටික දුරක් යනකොට තමයි රැහැයියට තේරුනෙ නැගල තියෙන්නෙ වැරදි බස් එකකට කියල. මේකෙ ගියොත් පරංගියා කෝට්ටෙ ගියා වගෙලු,වෙන එකෙක් කිවුව කියල දැන් තමා කල්පනාවට ආවෙ.දැන් මක් කරන්නද,බැඳ ගත්තු බෙරෙන් බෙර පදයක් ගහලම දාන්න තමයි වෙන්න්නෙ.ඔන්න ඔහේ, ඕන .......... ප්‍රීති වෙසක් කියල දිගටම ගියා.
                           
 ඔන්න දැන් බස් එක බර බර ගාල යනව.පන අදිනව වගෙ.හෙන විසාලෙට යකඩ කටවල් දාපු පෙට්ටි තුන හතරක් සැට් කොරල තිබුනට මේ ලෝකෙ සද්දයක් නෑ.ඒව නිකන් සෝබනේට.රැහැයියගෙ ඇගේ මාලු ගඟේ නටනව.අනිත් එකාට මෙලෝ සිහියක් නෑ.උ හොඳටම නිදි.අහස කඩාගෙන වැටුනත් ඌව අහරවන්න බෑ.ටික දුරක් යනකොට ඔන්න බස් එකට නැගග පොත් විකුනන පොරක්.ඒක ඉතින් මහ අරුමයක් නෙවෙයිනෙ.අපායට බස් එකේ ගියත් ඔය වගේ පොරවල් නගිනවනෙ කියල රැහැයියත් ඇස් දෙක පියාගත්ත.
                                                හත් ඉලවුවයි!!!!!!! රැහැයියගෙ ඇස් ඇරුනෙ ඇඟට හෙන ගෙඩියක් පාත් උන වගේ.යකෝ මූ මාර ග්‍රහයෙක් නෙ.මූ ඉංගිරීසි වමාරනවනෙ.මූ පොත් විකුනනවද,ඉංගිරිසි පන්තියක් දාලද මන්ද.යකෝ හෙනයක් ගැහුවත් අහරින පාටක් නැතුව හිටිය අනික් එකත් ඇහරල.ඌ බිරන් තට්ටු වෙල.තොවිලයක් නටන්න වේයිද මන්ද.පොර විකුනන්නෙ ඉන්ගිරිසි පොතක්ලු,මු අපිට පොත පෙරලනවද කියලත් හිතුන,ඒත් මූ දෙන ටෝකට කොර වෙනව.ඉස්සරහ ඉන්න එකාගෙ කට නිකං බෝක්කුව වගේ ඇරිල.බ්‍රේක් නැති මැස්සෙක් අවනම් කෙලින්ම බඩේ.
                                                                පොර බස් එකේ ඉන්න උන්ගෙන් ප්‍රස්න අහනව.කට්ටිය කොට්ට කොර වෙලා.ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ සති පොලෙත් නෑ කිවුවලු.
යකෝ මෙච්චර කඩු හරඹ දන්න මූ මොකද පන්තියක් නොදැම්මෙ අහවල් එකටද කියල රැහැයියට හිතුන.ඉංගිරිසි හොඩිය විතරක් දන්න උනුත් පන්ති දාන මේ කාලේ මූට අමු කැවිලද මන්ද.මූ අහපු ප්‍රස්න වලට රැහැයිය උත්තර නොදුන්නෙ දන්නෙ නැති කමට නෙවෙයි,උත්තර දුන්නම පොරගෙ සේරම පොත් දෙනව කිවුවනෙ,අනික් ගමන මේ අහිංසකයගෙ ජොබට කෙල උනොත්.ඒකයි.කොහොමෙන් කොහොමහරි පොරගෙ පොත් ටික සේරම විකිනුන.අද කාලෙ හොරකං කොරල,ජරාවැඩ කරල අනුන්ට කරදරයක් වෙන මේ සමාජෙ සමහර මිනිස්සු එක්ක බලුවම මේ කොල්ල Max පොරක් නෙ කියල රැහැයියට හිතුන.


අනික් ටිකත් කියවන්න ටිකක් ඉවසල ඉන්නව ඕයි.  :p




0 comments

 
© 2011 patumaga
Designed by Blog Thiết Kế
Back to top