මේ වගේ කතාවක් අහනකොටත් අපේ කට්ටියගෙ හිත් අමනාපකම් ඇති වෙවි.ඒත් මේ නරකක් නපුරක් කරන්න හිතාගෙන නෙවෙයි මේක ලියන්නෙ ඒ ඒ අදාල අයට හොඳක් කරන්න.ජීවිතේ කියන්නෙ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙවෙයි.ජීවත් වෙන්න කලින් ඒක දැන ගන්නඕනි.ඒත් සමහරු ජීවිතේ විඳින්න කියල හිතාගෙන විඳවනව!!!
මත්ද්‍රව්‍ය කිවුවම සමහරුන්ගෙ මූනවල් ඇද වෙනව,සමහරුන්ගෙ මුනට හිනාවක් යයි.මත්ද්‍රව්‍ය නැති මලගෙදරක් මගුල් ගෙදරක්,දානෙ ගෙයක් හොයගන්නවත් බැරි තරම්.තරුණ කාළෙ කියන්නෙ ජීවිතේ විඳින්න තියන හොඳම කාළේ,ජීවිතෙ ගොඩාක්ම ශක්තිමත් අවධිය,ඒ ලස්සන කාළෙ මෙ දහ ජරාව බීල තමන්ට විතරක් නෙවෙයි මුලු සමාජයටම වාතයක් වෙනවනම් එක මහා ලොකු පවුකාර කමක්.කරුමයක්.සම'හරක්' කියන විදියට එකෙ ලොකු ආතල් එකක් තියනවලු,එහෙම කියන ඒ සම'හරක්' දන්නෙ නෑ ඔය දහජරාව ඇඟ ඇතුලට දාගත්තම තමන්ගෙ ශරීරෙ විනාශ වෙන බව.
අපේ ශරීරෙ කියන්නෙ සංකීර්ණ යන්ත්‍රයක් වගෙ එකක්.මේ ශරීරෙ අතුලෙ විවිධාකාර යාන්ත්‍රණ ගොඩාක් ක්‍රියාත්මක වෙනව.ඔය මළ ජරාව ඇඟට වැටුනම ඒ යාන්ත්‍රණ පිස්සු කෙලින්න ගන්නව.අපේ ශරීරෙට හරියට ක්‍රියාත්මක වෙන්න බැරුව යනව.අපේ ශක්තිය දුර්වල වෙනව.ප්‍රතිශක්තිය නැති වෙනව.ඉක්මනටම ලෙඩ වෙනව.ඊට පස්සෙ ඉතින් අකාලයේම මැරිල යන්න තමයි වෙන්නෙ.එත කොට අර කියපු ආතල් වලට මොනා වෙයිද කියල හිතා ගන්න.
කෙනෙක් බොන එක සිගරැට් එකක් ගානෙ,අරක්කු උගුරක් ගානෙ තමන්ගෙ ශක්තිය නැති වෙනව.අපේ රූපෙ විකුර්ති වෙනව.උදේ නැගිටල එක විනඩි 5ක් මේ ගැන හිතන්න,තමන් වෙනුවෙන්.මේ දහ ජරාව බීල ලැබුනු වාසි??? එහෙම තිබුනොත් ලෝක පුදුමයක්.නැත්තන් අවාසි????ඕන තරන් ඇති....ලෙඩ රොග,අනවශ්‍ය මුදල් වියදම්,රන්ඩු,අමනාපකම්,..... අනන්තයි අප්‍රමානයි.මෙහෙම කල්පනා කරනකොට කලකිරීමක්,දුකක් ඇති වෙනවනම්,ඒ දවස පුරාවට ඒ කලාකිරීම දැනෙයි.එක පාරටම බැරි නම් ටිකෙන් ටික නවත්තල දාන්න.යාලුවොත් මේ නපුරෙන් නිදහස් කරන්න උත්සහ කරන්න.දවසක තමන් ගැනම ආඩම්බරයක් ඇතිවෙයි.තමන්ට ලොකූ වෙනසක් දැනෙයි.
ඉස්සර එ දහජරාවට වියදම් කරපු සල්ලි,කාලය වෙන හොද දෙයකට යොදවන්න.ප්‍රශ්න කියල බොන්න හදල නොවිසදුන ප්‍රශ්න නොබී විසදෙන හැටි හොදට තෙරෙයි.බීල ප්‍රශ්න විසදන්න ගියම ප්‍රශ්නෙ දෙගුන වෙලා.ඒක නිසා මේ ක්‍රමය අත්හදා බලන්න.ජීවිතේ අලුත් මඟකට වැටෙයි.සම'හරක්' කියයි අනේ අනුන්ගෙ ආතල් විනාස නොකර බාර් එකට ගිහින් බාගයක් ගහල බුදියපන් කියල.ඒ හරක දන්නෙ නෑ ඒ වෙනකොටත් තමන්ගෙ ඇඟේ බාගයක් විනාශ වෙලා කියල.ඒක නිසා තමන් මේව පාවිච්චි කරනවනම් මේ දැන් ඉඳල කල්පනා කරල මේ පවුකාරකම නවත්තන්න......!!!!







0 comments