ලෝකය රඟමඬලකි අපි එහි නළුවෝ වෙමු කියල කවුද කිවුවට,මේක මහ අපායක් කියල වෙලාවකට හිතෙනව. මිනිස්සු තමන්ගෙ ජීවිතය ගැට ගහ ගන්න කරන දේවල් දැක්කම මේ කතාව බොරු නෙවෙයි කියල හිතෙනව.එහෙම කියන්නත් කාටවත් බෑ.සල්ලි තියන අය,එහෙමත් නැත්තන් සල්ලි කාරයො බලන්නෙ තමන්ගෙ Banck account එකේ සල්ලි කියක් තියෙයිද,මේ මාසෙ income එක කීයද කියල.එහෙමත් නැත්තන් අලුතින් ආපු වාහනය මොකක්ද කියල.ඒත් ඒ වගෙම තමයි,අද රෑට කන්නෙ කොහොමද කියල හිතන බහුතරයකුත් මේ රටේ ඉන්නව.ඒ මිනිස්සු කල්පනා කරන්නෙ තමන්ගෙ ජීවිතෙ ගෙනියන්නෙ කොහොමද කියල නෙවෙයි,ජීවිතේ ගැට ගහ ගන්නෙ කොහොමද කියල.
උදාහරණයකට ගත්තොත්,ලංකාවෙ ඕනම ප්‍රසිද්ධ පූජනීය ස්ථානයකට ගියොත්,මල් වට්ටියක් විකුණ ගන්න කී දෙනෙක් පස්සෙන් එනවද,ඒ ලැබෙන සොච්චමෙන් තමන්ගෙ දරුවන්ගෙ බඩට මොකුත් දාන්න,උන්ගෙ පොත් පත් වලට,වියදම් කරනව.ලස්සන අලුත් අඳුමක් කියන්නෙ ඒ පොඩි උන්ට ලොකු හීනයක්.
විවිධාකාර සාද වලදි,උත්සව වලදි,කෑම වලින් සමහරු ගහගත්දි,වැඩිපුර කෑම වීසි කරත්දි,අපි කෑම කාල වීසි කරපු කොල වල ඉතුරු උන කෑම වලින් තමන්ගෙ ජීවත් වෙන අසරණයොත් මේ ලංකාවෙ ඉන්නව.ඒ වගේම තමයි පෑනක් පොතක් අරන් ඉගනගන්න ආසාවෙ ඉන්න,ඒත් ඒකට වත්කමක් නැති අහිංසක පුංචි පැටවු ගොඩාක් ඉන්නෙ 24 පැයේම internet එකට වෙලා කාලෙ කා දමන එවුන් ඉන්න රටේද කියලත් පුදුමයි!!!
කවුරු මොන කයිවාරු ගැහුවත් ලංකාවේ මේ දුක් විඳින අහිංසකයන්ගෙ හිතසුව සඳහා කිසිම ආණ්ඩුවක් ස්ථීර,ප්‍රායෝගික වැව පිළිවෙලක් ගෙනත් නෑ.කවුරු එක පිළිගත්තත් නැතත් ඒක තමයි තිත්ත ඇත්ත.දවසින් දවස මේ අසරණ ගහනය වැඩි වෙනව මිසක අඩුවක් නම් නෑ.මේ රටේ පාලකයන්ට ඒක අඩු කරන්න උවමනාවකුත් නැති බවක් තමයි පේන්න තියෙන්නෙ.
අඩුම තරමින් මේ අසරන ජනතාවගෙ දරුවන්ගෙවත් සෞඛ්‍ය,පොෂණ,අධ්‍යාපන මට්ටම වත් ඉහල දාන්න වැඩ පිළිවෙලක් අත්‍යාවශයයි.තියන එකාටමයි හැමදේම වගේ,සැප වාහන වල තීරු බදු අයින් කරල,තියන උන්ටම සැප දෙන්න කලින්,කෙනෙක් කාල විසිකරන ඉඳුල් වලින් ජීවත් වෙන,පංසලක,දේවාලෙක මල් ටිකක් විකුනල ජීවත් වෙන ආදී නොයේක් ආකාරයේ අඩු ආදයම් ලාභී පවුල් වල ජීවන තත්වය ඉහල දාන එක වැදගත් කියල ඉන්ටර්කූලර්,ප්‍රාඩෝ වල යන අපේ රටේ මැති ඇමති වරුන්ට කවදා තේරෙයිද කියන එක පිළිතුරු රහිත ප්‍රශ්නයක් වෙලා ඉවරයි.
අවසානයට,මේ අහිංසකයො වෙනුවෙන් අපේ රටේ බලදාරීන්ගෙ ඇස් පෑදේවා කියල තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ.







0 comments